සිය පක්ෂය මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ නොකිරීමට තීරණය කළ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
සමගි ජන බලවේගය සමග ඇති කර ගත් අවබෝධතා ගිවිසුම ඔවුන් විසින් ඒක පාර්ශ්විකව කඩ කිරීම හේතුවෙන් සිය පක්ෂය මෙම තීරණයට එළඹෙන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ.
මේ අතර මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ නොකිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණද තීරණය කර තිබෙනවා.
පවතින භූගෝලීය දේශපාලන සාධක පිළිබඳ අවධානය යොමු කරමින් සිය පක්ෂය එවැනි තීරණයකට එළඹුණු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නිකුත් කළ විශේෂ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ.