‘මිල්ටන්’ සුළි කුණාටුව හේතුවෙන් අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මිලියන තුනකට අධික පිරිසකට විදුලිය සහ ජල සැපයුම විසන්ධි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
එම සුළි කුණාටුව හේතුවෙන් ෆ්ලොරිඩා ප්‍රාන්තයට ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.
ටොනේඩෝ තත්වයක් හේතුවෙන් පුද්ගලයන් හතර දෙනෙකු මිය ගොස් ඇති බවද එම වාර්තාවල සඳහන්.
ගංවතුරට කොටු වී සිටි පුද්ගලයින් 35 දෙනෙකුගේ දිවි බේරාගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම්වලට හැකි වී තිබෙනවා.
අමෙරිකානු රජය ප්‍රකාශ කර ඇත්තේ ගංවතුර ජලය විෂ සහිත විය හැකි බැවින් එම ජලය භාවිතයෙන් වලකින ලෙසයි.
මිල්ටන් සුලිකුනාටුව සියවසකට අධික කාලයක් තුළ ෆ්ලොරිඩාවට බලපෑ විනාශකාරීම සුළි කුණාටුව වනු ඇති බවටයි අමෙරිකානු බලධාරීන් මීට පෙර අනතුරු අඟවා තිබුණේ.