මේ වසරේ මෝසම් සමයේදී බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නේපාලයේ පුද්ගලයන් 200 කට වැඩි පිරිසක් මියගොස් තිබේ.
නේපාලයේ නැගෙනහිර සහ මධ්‍යම ප්‍රදේශවලට නොනවත්වා ඇද හැලෙන වර්ෂාව නිසා එම දරුණු ගංවතුර ඇති විය.
ඉන් කත්මන්ඩු නිම්නයට දරුණු බලපෑම් එල්ල වී තිබේ.
ඔක්තෝම්බර් 2 වන දින නේපාල රජය ගංවතුරෙන් පුද්ගලයන් 224 දෙනෙකු මියගොස් ඇති බව තහවුරු කර ඇති අතර තවත් 150 කට වැඩි පිරිසක් තුවාල ලබා 24 දෙනෙකු අතුරුදහන් වී ඇති බව ද පවසා ඇත.
ජීවිත හානිවලට අමතරව ගංවතුර හා නායයෑම්වලින් නිවාස, විදුලි බලාගාර, මාර්ග රැසකට හානි සිදුවී ඇත.
මෙම ව්‍යසනය ග්ලැසියර දියවීම හා සම්බන්ධ අවදානම් ඇතුළු දේශගුණික විපර්යාසවලට නේපාලයේ අවදානම පිළිබඳ මතක් කිරීමක් ලෙස පැවසෙයි.
මෑත වසරවලදී, හිමාල කලාපයේ බොහෝ ග්ලැසියර දියවී ඇති අතර, ග්ලැසියර විල්වල දියවන ජලය එකතු වී ඇත. මෙම විල් කැඩී ගියහොත්, පහළ කලාපයේ වෙසෙන ප්‍රජාව අනතුරට පත් කරමින් දැවැන්ත ගංවතුර ඇති කිරීමට ඒවාට හැකියාව ඇත.
නේපාලයේ ජල විද්‍යා හා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටින්නේ චීනය ටිබෙටයේ පාලනය යටතේ පවතින ග්ලැසියර විල් පිළිබඳ වැදගත් තොරතුරු සඟවා ඇති බවයි.
දෙපාර්තමේන්තු ප්‍රධානී Jagadishwor Karmacharya පැවසුවේ ගංවතුර බලපෑම අවම කිරීම සඳහා චීන රජයෙන් විනිවිද පෙනෙන තොරතුරු ලබා ගැනීම අත්‍යවශ්‍ය බවයි.
ව්‍යසනයන් වළක්වා ගැනීම සඳහා චීනය, නේපාලය සහ ඉන්දියාව සහයෝගයෙන් කටයුතු කළ යුතු බැවින්, ග්ලැසියර විල් පිළිබඳ දත්ත සපයන ලෙස නේපාලය වසර ගණනාවක් චීනයෙන් ඉල්ලා සිටියි.
නමුත් චීනය එසේ කිරීමට පොරොන්දු වී නොමැති බවත් Jagadishwor Karmacharya පැවසීය.