හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විදෙස් ගමන් තහනමක් පැනවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
ඒ නීතිවිරෝධීව එකලස් කරන ලද ලියාපදිංචි නොකළ BMW මෝටර් රථයක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවකට අදාළවයි.
කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක වාහන අංගනයේ සැකකටයුතු ලෙස නවතා තිබූ BMW වර්ගයේ මෝටර් රථයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කෙරුණා.