Wednesday, November 6, 2024

General line - 0115112241

නාම යෝජනා භාර ගැනීම අද මධ්‍යහ්න 12න් අවසන්

එන් ඒ ඩබ්ලිව් නිරෝෂන




2024 මහමැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම සහ ඇප මුදල් තැන්පත් කිරීම අද මධ්‍යහ්න 12න් අවසන් වනවා.

මැතිවරණ කොට්ඨාස 22හි සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී නාම යෝජනා භාර ගැනීම් කටයුතු සිදු කෙරෙන අතර මධ්‍යහ්න 12 සිට පස්වරු 01යි 30 දක්වා විරෝධතා භාර ගැනීම සිදු කෙරෙන බවයි මැතිවරණ කොමිසම පැවසුවේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා.

මේ අතර නාම යෝජනා භාර ගන්නා දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍ර තුළ සහ පිටත විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ.

මේ අතර, කොළඹ දිස්ත්‍රික්කයේ නාම යෝජනා භාර දීම වෙනුවෙන් අද උදෑසන 08 සිට පස්වරු 02 දක්වා කාලය තුළ නාරාහේන්පිට නිල මැඳුරේ පිහිටි කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බවද පොලීසිය පැවසුවා.