රාජ්‍ය වාහන හෝ දේපළ අවභාවිතය පිළිබඳ දැනුම් දීම සඳහා විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා.
ඒ, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මතයි.
ඒ අනුව 1997 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ අවභාවිත වන එම වාහන සහ දේපළ පිළිබඳ දැනුම් දිය හැකියි.
නිවැරදි තොරතුරු ලබා දෙන පුද්ගලයින්ගේ රහස්‍යභාව ආරක්‍ෂා කිරීමටත් ඔවුන්ට ත්‍යාග මුදලක් ලබා දීමටත් කටයුතු කරන බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.