මහමැතිවරණය සඳහා තරඟ කරන දේශපාලන පක්ෂ රැසක් අද දිනයේ සිය නාම යෝජනා භාර දීමට නියමිතව තිබෙනවා.
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේ මැතිවරණ දිස්ත්රික්ක 22 සඳහා ශක්තිමත්ම කණ්ඩායම සිය පක්ෂයෙන් ඉදිරිපත් කර ඇති බවයි.
සමගි ජන බලවේගයද මැතිවරණ දිස්ත්රික්ක 22 සඳහාම තරඟ කරන බව එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස අත්තනායක මහතා පැවසුවා.
තරුණයින්ට සහ කාන්තාවන්ට වැඩි අවස්ථාවක් දෙමින් සිය නාම යෝජනා පත්ර සකස් කර ඇති බවයි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සංජීව එදිරිමාන්න මහතා පැවසුවේ.