Wednesday, November 6, 2024

General line - 0115112241

හංවැල්ලට මිලිමීටර් 260ක වැස්සක්




හංවැල්ල ප්‍රදේශයට මිලි මීටර් 260යි දශම 5ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ඊයේ පෙරවරු 8යි 30 සිට මේ දක්වා කාලය තුළ එම ප්‍රදේශයට එලෙස වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.

ඇහැලියගොඩ ප්‍රදේශයට මිලිමීටර් 211යි දශම 5ක්, වතුපිටිවලට 203යි දශම 5ක් සහ අවිස්සාවේල්ල ප්‍රදේශයට මිලිමීටර් 200යි දශම 5ක වර්ෂාපතනයක්ද ලැබී තිබෙනවා.

මේ අතර දිවයින ආශ්‍රිතව වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.