ජාතික ජන බලවේගයට සහය දක්වන බවට ප්‍රකාශ කළ පිරිස පසුගිය කාලයේ සිය පක්ෂය සමග නොසිටි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිවැරදි පාර්ශවය තමන් ඇතුළු කණ්ඩායම බවට මේ වන විට සියලු දෙනා පිළිගෙන ඇති බවයි එම පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ.
කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මහමැතිවරණයට තනිව තරඟ කරන්නේ නැහැ. නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ සමග සන්ධානගතව ඔවුන් ඉදිරි මහමැතිවරණයට තරඟ කරනු ලබනවා.