මහමැතිවරණයට අදාළ නිරීක්ෂණ කටයුතු ලබන 14 වනදා සිට ‘වීව්’ සංවිධානය විසින් ආරම්භ කරන බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
ඒ සඳහා ජංගම නිරීක්ෂණ කණ්ඩායම් 75කට ආසන්න සංඛ්‍යාවක් යොදවන බවත් මහමැතිවරණය පැවැත්වෙන දිනයේදී විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ඔහු කියා සිටියා.
අපේක්ෂකයින්ගේ ප්‍රචාරණ කටයුතු හරහා මෙවර මහමැතිවරණයේදි නීති උල්ලංඝණය වීම් සිදුවිය හැකි බවට අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.