Wednesday, November 6, 2024

General line - 0115112241

මහ වැස්සෙන් පීඩාවට පත් පිරිස 24,492ක් දක්වා ඉහළට




අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 11ක පවුල් 6,018ක පුද්ගලයන් 24,492ක් විපතට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

සහන මධ්‍යස්ථාන 23ක, පවුල් 584ක පුද්ගලයන් 2,200ක් මේ වන විට ආරක්ෂිතව රඳවා සිටිනවා.

ආපදා තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය හරහා ආපදාවට පත් සියලු දිස්ත්‍රික්කවල රාජ්‍ය නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් මේ වන විට සහන සේවා කටයුතු ක්‍රියාත්මකයි.

හදිසි ආපදා තත්ත්වයකදී 117 අංකය අමතා දැනුම්දෙන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරල් උදය හේරත් මහතා ජනතාවට දැනුම් දෙනවා.