Wednesday, November 6, 2024

General line - 0115112241

අදත් ප්‍රදේශ රැසකට වැසි - ප්‍රධාන ගංඟාවල ජල මට්ටම් ගැනත් දැනුම් දීමක්




බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ අතර අත්තනගලු ඔය, කැලණි, කළු සහ ගිං යන ගංඟා ද්‍රෝණීන්හි ඇති වී තිබූ ගං වතුර තත්ත්වය මේ වන විට ක්‍රමක් ක්‍රමයෙන් පහළ යමින් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග ඉංජිනේරු සකුරා දිල්තාරා මහත්මිය පැවසුවේ.


එම ගංඟා ආශ්‍රිත ගං වතුර තත්ත්වයන් පහළ මට්ටමක පැවතියත් එම ප්‍රදේශයන්හි පහත් බිම්වල ජීවත් වන ජනතාව ඒ පිළිබඳ වැඩි අවදානයෙන් කටයුතු කරන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. 

අද දිනය තුළදී වර්ෂාපතනය වැඩි වුවහොත් එම ප්‍රධාන ගංඟා ආශ්‍රිතව නැවත ගං වතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග ඉංජිනේරු සකුරා දිල්තාරා මහත්මිය සඳහන් කළේ.