ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට සිය වියදම් වාර්තා භාරදීම සඳහා ලබාදුන් කාලය අද පස්වරු 03.00 නෙන් අවසන් වනවා.
පසුගිය 10 වනදා වන විට වියදම් වාර්තා ලබාදී තිබුණේ අපේක්ෂකයින් 08 දෙනෙකු පමණක් බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.
හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සහ සිරිතුංග ජයසූරිය යන මහත්වරුන් එලෙස වියදම් වාර්තා භාරදුන් අපේක්ෂකයන් අතර වනවා.
වියදම් වාර්තා ලබා නොදෙන අපේක්ෂකයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.