Wednesday, November 6, 2024

General line - 0115112241

මතභේදාත්මක සිද්ධීන් 11ක පරීක්ෂණ අරඹයි




පසුගිය ආණ්ඩු සමයන්හීදී සිදුවූ ආන්දෝලාත්මක සිද්ධීන් 11කට අදාළව පරීක්ෂණ මේ වන විටත් ආරම්භ කර ඇති බව ජාතික ජන බලවේගය පවසනවා.

එහි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නියෝජ්‍ය ලේකම් චන්දන සූරියආරච්චි මහතා පැවසුවේ අදාළ විමර්ශන කටයුතු නිසි අයුරින් සිදුවීම හේතුවෙන් එම කටයුතු අවසන් වීමට යම් කාලයක් ගතවනු ඇති බවයි.

නෙත් නිවුස් සිව්වන මානය වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.


ඊට අදාළ නඩු 7ක විමර්ශන කටයුතු කඩිනම් කරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත ජයසූරිය මහතා වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා.