සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන “ගනේමුල්ල සංජීව” හා “වෙලේ සුදා” රඳවා සිටින සිරමැදිරි පිටුපස සඟවා තිබූ දුරකථනයක් හා දුරකථන කොටස් කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, විශේෂ කාර්ය බලකාය බූස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ ් කොටසේ අංක 44, 38 හා 37 සිරමැදිරි තුළ කළ හදිසි සෝදීසි කිරිමකදීයි.
එහිදී සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන සංජීව කුමාර සමරරත්න නොහොත් “ගනේමුල්ල සංජීව” රඳවා සිටින සිරමැදිරියේ පිටුපස සඟවා තිබී ස්මාර්ට් ජංගම දුරකථනක්, ජී. ඩබ්ලිව්. සමන්ත කුමාර නොහොත් “වෙලේ සුදා” රඳවා සිටින සිරමැදිරියේ පිටුපස සඟවා තිබී සුදුපැහැති හෑන්ඩ් ෆ්‍රී 01ක් හා අනෙක් සිරමැදිරිය පිටුපස සඟවා තිබූ ටයිප් සී වර්ගයේ කේබල් 01ක් සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් දුරකථනය හා දුරකථන කොටස් කිහිපය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.