කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කිහිපයක් හෙට (14) වසා තැබීමට අධ්‍යාපන නිලධාරීන් පියවරගෙන තිබෙනවා.
ඒ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්
කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව සහ කඩුවෙල අධ්‍යාපන කොට්ඨාසවල සියලුම පාසල් සහ ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල අධ්‍යාපන කොට්ඨාසයේද සියලුම පාසල් හෙට දිනයේ වසා තැබෙන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පවසා සිටියේ
තවද කැළණිය මහා විද්‍යාලය, මීගමුව රෝමානු කතෝලික විද්‍යාලය, බියගම ප්‍රාථමික විද්‍යාලය, යබරලුව ආනන්ද විද්‍යාලය ඇතුළු ආපදාවට ලක්වූ සහ අවතැන් කඳවුරු තිබෙන පාසල්ද වසා දැමීමට පියවර ගෙන ඇති බව සඳහන් වනවා.
කෙසේ වෙතත් සෙසු කලාප සියල්ලෙහි පාසල්වල වැඩ කටයුතු සුපුරුදු පරිදි සිදු කිරීමට නියමිතයි.