පිළියන්දල බෝකුන්දර ජාලියගොඩ ප්රදේශයේ හොරණ මාර්ගයේ නවතා තිබූ කැබ් රථයක් එහි රියදුරු පණ ගැන්වීමත් සමගම එකවරම මාර්ගය හරහා ගොස් මැද දූපතින් පැන කොළඹ දෙසට ගමන් ගන්න මං තීරුවට කඩා වැදී නවතා තිබූ වාහන තුනක ගැටී අනතුරක් සිදුවි තිබෙනවා
මෙම අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ
රියදුරු පාගන ලද කැබ් රථයේ ඇක්සලේටරය නැවත ස්වංක්රීයව ඉහළට නොපැමිණීම අනතුරට හේතු වී ඇති බවයි නිවුස් වාර්තාකරු වැඩි දුරටත් පැවසුවේ.