Wednesday, November 6, 2024

General line - 0115112241

නාර්තුපාන,අගුරුවාතොට පාලම අසල  ජල මාපකයේ  ජල මට්ටම පිටාර මට්ටමට 

ගල්පාත චන්දන පෙරේරා




කළු ගගේ නාර්තුපාන,අගුරුවාතොට පාලම අසල  ජල මාපකයේ  ජල මට්ටම පිටාර මට්ටමට පැමිණ තිබෙනවා 

පහත් බිම් සියල්ල මේ වනවිට ජලයෙන් යටවී ඇති අතර  හෙට දිනයේ තවදුරටත් වැසි ලැබුනොත් මාර්ග සහා නිවාස යටවීමේ අවධානමක් මතුවී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.

අගුරුවාතොට,උඩුවර,තලහිටිය,බේගමුව,යටවර,පාතකඩ,පනාගොඩ ,ඇලමෝදර යන ප්‍රදේශ ගංවතුර හේතුවෙන් බලපෑමට ලක්ව ඇති බවද නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියා.