Wednesday, November 6, 2024

General line - 0115112241

දිනයක් වෙන් කර ගන්න මුදල් නොදෙන්නැයි පාස්පෝට් කන්තෝරුව කියයි




විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා දිනයක් වෙන්කරවා ගැනීම සඳහා වෙනත් කිසිදු පාර්ශවයකට මුදල් ලබා නොදෙන ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

එහි වැඩබලන පාලක ජනරාල් නිලූෂා බාලසූරිය මහත්මිය ජනතාවට දැනුම් දුන්නේ ඕනෑම ප්‍රදේශයක සිට සිය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස ඔන්ලයින් ක්‍රමය යටතේ දිනයක් වෙන්කරවා ගැනීමට හැකි බවයි.


වෙබ් අඩවිය හරහා විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා දිනයක් වෙන්කරවා ගන්නා ආකාරය සම්බන්ධයෙන් ආගමන හා විගමන වැඩබලන පාලක ජනරාල්වරිය පැහැදිලි කළා. 


ඔන්ලයින් ක්‍රමය හරහා එලෙස දිනයක් වෙන් කරවා ගැනීමට අද සිට  අවස්ථාව පවතිනවා.

ඒ අනුව විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා දිනයක් වෙන් කරවා ගැනීමට සිය දෙපාර්තමේන්තුවට නොපැමිණෙන ලෙසයි ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ. 

මේ අතර විදෙස් ගමන් බලපත්‍ර ගැටලුව පිළිබඳව අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ද අදහස් පළ වුණා.

ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.