තණමල්විල ප්‍රදේශයේදී වියලි ගංජා කිලෝග්‍රෑම් 05කට ආසන්න ප්‍රමාණයක් සහ නීති විරෝධී මත්පැන් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, මොණරාගල කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ විශේෂ මෙහෙයුමකදීයි.
එම මෙහෙයුමේදී නීති විරෝධී මත්පැන් මිලිලීටර් 15,000ක් ද මොණරාගල කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් ගංජාවල වටිනාකම රුපියල් ලක්ෂ තුනහමාරක් පමණ වන බවයි පොලීසිය පවසා ඇත්තේ.
සැකකරුවන් දෙදෙනා සම්බන්ධ වැඩිදුර විමර්ශන තණමල්විල මූලස්ථාන පොලීසිය මගින් ක්‍රියාත්මකයි.