හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාව බදුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන්
අද උදෑසන හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය හමුවේ පෙනී සිටිමෙන් අනතුරුව එලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
ඔහු මෙවර මැතිවරණයට බදුල්ල දිස්ත්‍රික්කයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ යටතේ අංක 10න් ඉදිරිපත් විය.
පසුගිය 10 වනදා බදුල්ල නගරයේදී මැතිවරණ ප්රචාරක වැඩසටහනක් අතරතුරදී හරීන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් අංක 10 මුද්‍රිත ටී ෂර්ට් පැලඳගෙන බදුල්ල නගරයේ පා ගමනින් යමින් සිටියදී පොලීසිය සමග උණුසුම් තත්ත්වයක් ඇතිවිය.