Tuesday, January 14, 2025

General line - 0115112241

මිනුවන්ගොඩින් කොල්ල කෑ කෝටි 07න් කෝටි 03ක් සොයා ගැනේ




මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ රුපියල් කෝටි හත හමාරක මුදල් කොල්ලයට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, රුපියල් තුන් කෝටි පහළොස් ලක්ෂ 15,291ක මුදලක්ද සමගයි. 

පෙරේදා උදෑසන මිනුවන්ගොඩදී මුදල් ආරක්‍ෂිතව ප්‍රවාහනය කරන පුද්ගලික ආයතනයක රියදුරෙකු මෙම මුදල සොරකම් කර පලාගොස් තිබුණා. 

පසුව සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය සහ මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කළා. 

ඒ අනුවයි ඊයේ දහවල් ගම්පහ කඩුවන්ගහ ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ. 

35 හැවිරිදි සැකකරු තම්මිට, මාකවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.