Tuesday, January 14, 2025

General line - 0115112241

ජුලම්පිටියේ අමරේට පැනවූ මරණීය දඬුවම අභියාචනාධිකරණයත් තහවුරු කරයි

උදය කුමාර




ජී ජී අමරසිරි හෙවත් ජුලම්පිටියේ අමරේ නැමැත්තාට පනවා තිබූ මරණීය දණ්ඩනය අභියාචනාධිකරණය අද තහවුරු කළා. 

ඒ, 2012 වසරේ කටුවන ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනකු ඝාතනය කර තවත් අයෙකුට මරණීය තුවාල සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන්. 

අදාළ සිද්ධියට තංගල්ල මහාධිකරණය විසින් ඔහු මීට පෙර වරදකරු කර තිබුණා. 

එම දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ජුලම්පිටිය අමරේ සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළා. 

විනිසුරු පී. කුමාරන් රත්නම් මහතාගේ එකඟත්වය ඇතිව අභියාචනාධිකරණය විනිසුරු සම්පත් අබේකෝන් මහතා විසින් අද මෙම තීන්දුව ලබා දුන්නා.