Tuesday, January 14, 2025

General line - 0115112241

අර්බුදය විසඳන්න නාඩු මෙට්‍රික් ටොන් 70,000ක් රටින් ගෙන්වයි




නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇතැයි වෙළඳ, වානිජ, ආහාර සුරක්‍ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. 

ඒ, මේ වන විට පවතින සහල් හිඟයට කෙටිකාලීන විසඳුමක් ලෙසයි. 
 

අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ආනයනික සහල් තොග දෙසැම්බර් මස 15වනදා වන විට වෙළඳපොළට නිකුත් කරන බවයි.

වෙළඳපොළේ සහල් සම්බන්ධයෙන් මේ වන විට අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබෙනවා. 

ඒ, මිල ඉහළ යාම සහ සහල් හිඟ වීම හේතුවෙන්.