Tuesday, January 14, 2025

General line - 0115112241

හරීන්ට ඇප - පිල්ලෙයාන්ගෙන් පැය 05ක් ප්‍රශ්න කරයි




අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද ඇප මත මුදා හැරුණා. 

ඒ, ලක්ෂ 05 බැගින් වු ශරීර ඇප දෙකක් මතයි. 

මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ චෝදනාවකට අදාළව හරීන් ප්‍රනාන්දු මහතා අද පෙරවරුවේ බදුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව නීතිවිරෝධී ප්‍රචාරණ කටයුතු සිදුකිරීම ඇතුළුව ඔහුට එරෙහිව චෝදනා 06ක් එල්ල වී තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මේ අතර අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි හිටපු රාජ්‍ය අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පැය 05ක ප්‍රකාශයක් ලබාදීමෙන් පසු ඉන් පිටවගොස් තිබෙනවා. 

ඔහුගෙන් මෙලෙස ප්‍රකාශයක් ලබා ගත්තේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවයි.

මේ අතර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතා ද ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණියා. 

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයේ තිබෙන සුජීව සේනසිංහ මහතාගේ ඪ8 රථය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.