Monday, December 23, 2024

General line - 0115112241

යුක්‍රේනයට දැවැන්ත ප්‍රහාරයක අවදානමක්




අද දිනයේදී යුක්‍රේනයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අමෙරිකාව අනතුරු අඟවා තිබෙනවා. 

ඒ අනුව යුක්‍රේනයේ කියෙව්හි පිහිටි අමෙරිකානු  තානාපති කාර්යාලය තාවකාලිකව වසා දැමීමටයි තීරණය කර ඇත්තේ. 

තානාපති කාර්යාල සේවකයින්ට මෙන්ම යුක්‍රේනයේ සිටින අමෙරිකානුවන්ටද ආරක්‍ෂක උපදෙස් නිකුත් කිරීමටද පියවර ගෙන තිබෙනවා. 

ගුවන් අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කළහොත් අමෙරිකානු පුරවැසියන් ආරක්‍ෂා වීමට සූදානම් විය යුතු බවටද දැනුම් දී ඇතැයි සඳහන්.

අමෙරිකාව මෙම අනතුරු ඇඟවීම නිකුත් කළේ ඔවුන් ලබා දුන් දිගු දුර මිසයිල යුක්‍රේනය විසින් පළමුවරට භාවිත කරමින් රුසියාවට පහර දී ඇති පසුබිමකයි. 

එමෙන්ම යුක්‍රේනයට පුද්ගල නාශක බිම් බෝම්බ ලබාදීමටද අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් එකඟ වී ඇතැයි දැන් වාර්තා වනවා.