Monday, December 23, 2024

General line - 0115112241

ජනපති විද්‍යුත් මාධ්‍ය ආයතතන ප්‍රධානීන් සමඟ හමුවක්




වඩා හොඳ රාජ්‍යයක් ගොඩනඟමින් සියලු පුරවැසියන්ට මීට වඩා හොද ජීවිතයක්  ලබා දීමේ කාර්යයේදී මාධ්‍ය එහි පිටස්තරයන් නොව එහිම කොටස්කරුවන් ලෙස තමා සලකන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද ජනාධිපති කාර්යාලයේ දී විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති හමුවේදීය.

ජනතාව යහපත් දේශපාලන සංස්කෘතියක් අපේක්ෂා කරන බවත්, ඒ වෙනුවෙන් ඔවුන් වත්මන් රජය පත් කර ගත් බවත් මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා ජනතාව අපේක්ෂා කරන එම නව දේශපාලන, සමාජ සහ ආර්ථික වෙනස රට තුළ ඇති කිරිමට එක් වන ලෙස  සියලු මාධ්‍ය ආයතනවලට ආරාධනා කර සිටියා.

දේශපාලන සහ ආර්ථික කරුණුවලට අදාළව ඕනෑම අවස්ථාවක ආණ්ඩුව  ප්‍රශ්න කිරීමට හෝ  විවේචනය කිරීමට මාධ්‍යයට කිසිදු බාධාවක් නොමැති වුවද ජාතික ආරක්ෂාවට හානිදායක වන අසත්‍ය තොරතුරු වාර්තා නොකරන ලෙස ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී මාධ්‍ය ආයතන  ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියා.

රටක් ලෙස දශක ගණනාවක යුද්ධයකට අප  මුහුණ දුන් බව සිහිපත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  නැවත කිසිසේත් ජාතිවාදයට ඉඩ නොතබන බව අවධාරණය කළ  අතර ජනමාධ්‍ය නිදහස කිසිඳු අයුරකින් අඩපණ කිරීමට හෝ කප්පාදු කිරීමට සූදානම් නැති බව ද එහිදී පවසා සිටියා.