Monday, December 23, 2024

General line - 0115112241

ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහිව දෙවන වරට ගෙන ආ දෝෂාභියෝගය සම්මත වෙයි




යුද නීතිය පැනවීමට  දකුණු කොරියානු ජනපති ගත් උත්සාහය සම්බන්ධයෙන් දකුණු කොරියානු විපක්ෂය විසින් එරට ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහිව දෙවන වරට ගෙන ආ දෝෂාභියෝගය සම්මත වී තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයා ධුරයෙන් නෙරපා දැමෙන අතර එරට අගමැතිවරයා වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහිව දෙවන වරට ගෙන ආ දෝෂාභියෝගයේ ඡන්ද විමසීම අද පෙරවරුවේ පවත්වා තිබු අතර එහිදී දකුණු කොරියානු පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 204ක් දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

දෝෂාභියෝගයට විපක්ෂව හිමිව ඇත්තේ ඡන්ද 85ක් පමන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ 

දෙසැම්බර් 3 වනදා රාත්‍රියේ දී හදිසියේ හමුදා නීතිය පැනවීමේ සිදුවීම මුල් කරගනිමින් දකුණු කොරියානු විපක්ෂය එරට ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහිව පළමුව දෝෂාභියෝගයක් ගෙන තිබුනා.

කෙසේ වුවද පළමු වරට ගෙනආ දෝෂාභියෝගය ජනාධිපති නියෝජනය කරන පාලක පීපල් පවර් පක්ෂය ඡන්ද විමසීම වර්ජනය කිරීමෙන් දෝෂාභියෝගය එරට පාර්ලිමේන්තුව හමුවේ පරාජයට පත්විය.

ඒ අනුව ජනාධිපතිවරයාට එරෙහිව දෙවන වරටත් දෝෂාභියෝගයක් ගෙන ඒමට විපක්ෂය ඊයේ (13) පියවර ගෙන තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහි දෝෂාභියෝගය අද එරට පාර්ලිමේන්තුවේ දී සම්මත විය.