කැළණිය, දිප්පිටිගොඩ ප්‍රදේශයේ කාන්තාවකට මරණ තර්ජන එල්ල කර රුපියල් ලක්ෂ 10 ක කප්පම් මුදලක් ඉල්ලීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, බස්නාහිර පළාත - උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින්.
විදෙස් රටක සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් පුද්ගලයින් යොදවා දුරකථනයෙන් තමන්ට මරණ තර්ජන එල්ල කර රුපියල් ලක්ෂ 10 ක කප්පම් මුදලක් ඉල්ලූ බවට එම කාන්තාව බස්නාහිර පළාත - උතුර අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් කර තිබෙනවා.
ඒ අනුව විමර්ශන ආරම්භ කළ එම අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ දළුගම සහ පට්ටිය හන්දිය ප්රදේශවලදීයි.
ඔවුන් කැළණිය ප්‍රදේශයේදී පදිංචිකරුවන් වන බවයි පොලිසිය පැවසුවේ.