Saturday, January 4, 2025

General line - 0115112241

ශ්‍රී ලාංකිකයින් වැඩිම පිරිසක් විදෙස් රැකියා සඳහා යොමු වූ වසර ලෙස 2024 වාර්තා අතරට




ශ්‍රි ලාංකේය ඉතිහාසයේ වැඩිම පිරිසක් රැකියා සඳහා විදේශ ගතවී ඇති වර්ෂය ලෙස මෙම වසර වාර්තා අතරට එක්ව තිබෙනවා. 

ඒ අනුව මෙම වර්ෂය තුළ විදේශ ගතවූ ශ්‍රී ලාංකිකයින් ගණන තුන් ලක්ෂ 12,836 ක් වන බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේ. 

2024 වර්ෂය තුළදී පිරිමි ශ්‍රමිකයින් එක් ලක්ෂ 85,162 හා කාන්තාවන් එක් ලක්ෂ 27,674 ක් රැකියා සඳහා විදේශ ගතවී තිබෙනවා. 

ශ්‍රි ලාංකිකයින් වැඩි වශයෙන් රැකියා සඳහා විදේශ ගතවී ඇත්තේ කුවේට් රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 77,546 ක්.

දෙවනුව වැඩි වශයෙන් විදේශ ගතවී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 51,550ක්. 

මීට පෙර ශ්‍රී ලාංකිකයින් වැඩිම පිරිසක් රැකියා සඳහා විදේශ ගතවී ඇත්තේ 2022 වසරේදීයි. 

ඒ අනුව ඉකුත් 2019 වසරේ සිට ගත වූ වසර 06 තුළ ශ්‍රි ලාංකිකයින් ලක්ෂ 13 ක් රැකියා සඳහා විදෙස් ගතවී ඇති බවද විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළා.