Monday, January 6, 2025

General line - 0115112241

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ගැන ආණ්ඩුවෙන් පැහැදිලි කිරීමක්




ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සංදර්ශනකාරී වැඩපිළිවෙළක් නොවන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. 

එමෙන්ම එම වැඩසටහන කඩිනමින් අවසන් නොවන බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ. 


ජනතාව සිදු කරන පරිත්‍යාගවලට අදාළ මුදල් සඳහා රජය වගකියන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

ඒ, ඊයේ දිනයේ සෞඛ්‍ය අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශවලට ඇතැමුන් කරන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින්. 


එම මාධ්‍ය හමුවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතාද එක්ව සිටියා.

එහිදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සහ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පිළිතුරු ලබා දුන්නේ මෙලෙසයි.