2024 වසරේ දෙසැම්බර් මස එනම් මෙම මාසයේ උද්ධමනය සියයට සෘණ 1යි දශම 7ක් දක්වා වර්ධනය වී ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය නොවැම්බර් මාසයේ උද්ධමනය සියයට සෘණ 2යි දශම 1ක් ලෙස පැවතුනා.
දෙසැම්බර් මාසයේදී ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට බින්දුවයි දශම 8ක් දක්වා වර්ධනය වී ඇති අතර එය පසුගිය නොවැම්බර් මාසයේදී වාර්තා වුණේ සියයට බින්දුවයි දශම 6ක් ලෙසයි.