රට නව පරිවර්තනයකට ගෙන ඒමට කැපවී කටයුතු කිරීමට සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඒ, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමින්. මෙම වැඩසටහන අද පෙරවරුවේ නිල වශයෙන් ආරම්භ වූයේ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්රයේදීයි.
එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සියලු ආයතන එක් විය යුතු බවයි.
නව දේශපාලන සංස්කෘතියක් ඇරඹීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ රටේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට අවශ්‍ය සියලු විධි විධාන ගෙන ඇති බවයි.
දූෂණයට, වංචාවට තිත තැබීමේදී රාජ්‍ය ආයතන වගකීම පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කළා.
රට වඩා යහපත් තැනකට ඔසවා තැබීමේ මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට දැඩි තීන්දු ගැනීමට වුවද තමන් සූදානම් බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
නව රජයේ ප්‍රධානතම වැඩසටහනක් වන “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිදියාව සහ ප්රගමනය තහවුරු කිරීම තුළින් පරිවර්තනීය මුලපිරීමයි.
ඒ සඳහා මේ වන විට සාමාජිකයින් 18 දෙනෙකුගෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකායක්ද පිහිටුවා තිබෙනවා.