නවවසර උදාව සැමරීම සඳහා ඊයේ රාත්‍රියේ බොහෝ ප්‍රදේශවල විවිධ උත්සව සංවිධාන කර තිබියදී ජනතාව අද උදෑසන නව වසර පිළිගත්තේ ආගමික වතාවත්වලට මුල්තැන දෙමින්. අනුරාධපුරය, මහනුවර, කළුතර, කතරගම ප්‍රධාන කරගත් ආගමික ස්ථාන රැසක්ම සැදැහැවතුන්ගෙන් පිරී පැවති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.
මහනුවර ශ්‍රී දළඳා මාළිගාවද සැදැහැවතුන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබූ බව නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීර පැවසුවා.
මේ, අනුරාධපුරයේ නෙත් නිවුස් වාර්තාකරු උපාලි ආනන්ද ගෙන එන වාර්තාවක්.
කතරගමද සැදැහැවතුන්ගෙන් සහ බැතිමතුන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු ආර් කේ ඒ ආරියපාල පැවසුවේ.
2025 නව වසරට කඳුකරයේ ජනතාව ඇතුළු සමස්ත රටේ ජනතාවට ආශිර්වාද පතා ප්‍රධාන ආශිර්වාද පූජාව හැටන් ශ්‍රී මාණික්‍ය පිල්ලයාර් හින්දු කෝවිලේදි පැවැත්වුණා.
දකුණේ මෙන්ම උතුරද නව වසරේ සැමරුම්වලින් හැඩ වී තිබුණා.