Monday, January 27, 2025

General line - 0115112241

විදුලි කණුවක් කඩා වැටී විදුලි සේවකයන් තිදෙනෙකු රෝහලේ - සෙවනගල විදුලි සැපයුමත් ඇණහිටී

සුනිල් හරිස්චන්ද්‍ර




සෙවනගල, ඩංඩුම ප්‍රදේශයේ විදුලි කණුවක නැග අලුත්වැඩියා කටයුතුවල නිරතවල සිටි විදුලි සේවකයින් තිදෙනෙකු එම විදුලි කණුව කඩා වැටී තුවාල ලබා තිබෙනවා. 

තුවාල ලැබූ එම විදුලි සේවකයින් තිදෙනා ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

ඒ අතර අසාධ්‍ය තත්ත්වයෙන් සිටි විදුලි සේවකයෙකු කරාපිටිය ජාතික රෝහල වෙත මාරු කර තිබෙනවා. 

එම විදුලි සේවකයින් නැග සිටි විදුලි කණුව ප්‍රමිතියෙන් තොරව සකස් කර ඇති බවටයි සිදුකල විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. 

එමෙන්ම ඔවුන් අනාරක්ෂිත ආකාරයෙන් අදාල අලුත්වැඩියා කටයුතු සිදුකර තිබෙනවා. 

එම අනතුරත් සමඟ සෙවනගල ප්‍රදේශයේ විදුලි සැපයුම ඇණහිට ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

සිද්ධිය සම්බන්ධයෙන් සෙවනගල පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.