2014 වසරේ බිංගිරිය හා පන්නල ප්‍රදේශවලට ගංවතුරවලින් පීඩාවට පත්වූවන්ට ආධාර ලබාදෙන බව පවසා රුපියල් මිලියන 61කට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් තවත් සැකකරුවෙකු ඇප මත මුදාහැර තිබෙනවා.
සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් විසින්.
ඔහු ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු අලෙවි කළමනාකාරුවෙක් වනවා.
සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කෙරුණා.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අධිකරණයට දැනුම් දුන්නේ එම සිද්ධියට අදාලව තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි.
ඒ අනුව අත්අඩංගුවට ගෙන සිටින සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
කෙසේ වෙතත් එම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ වන විටත් ඇප මත මුදා හැර ඇති බැවින් මෙම සැකකරුද ඇප මත මුදාහරින ලෙස විත්තියේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය අදාළ සැකකරු රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළා.
එම සිද්ධියට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට පෙර අත්අඩංගුවට ගනු ලැබුවේ හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ බිරිඳ ඇතුළු සිව්දෙනෙක්.
ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරීමටයි අධිකරණය නියෝග කළේ.