ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (30) රාති‍්‍රයේ රැස්වුණා. ඒ, ජනාධිපති නිල නිවසේදීයි. ලබන 4 වනදා කුරුණෑගලදී පැවැත්වෙන පක්ෂ සම්මේලනයට ඉදිරිපත් කරන යෝජනා සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණු බවයි මධ්‍යම කාරක සභික ශාන්ත බණ්ඩාර පැවසුවේ. පක්ෂ සම්මේලනයේ න්‍යාය පත්‍රයද මෙහිදී අනුමත කරගත් බවද ඔහු කියාසිටියා. මෙම මධ්‍යම කාරක සභා රැස්වීමට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගමද සහභාගි වූ බව ශාන්ත බණ්ඩාර වැඩිදුරටත් සදහන් කළා.
මේ අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ කෝට්ටේ ආසන බලමණ්ඩල රැස්වීම ඊයේ පස්වරුවේ පැවැත්වුණා. එහිදී අදහස් දැක්වූ කෝට්ටේ ආසන සංවිධායක හිටපු නගරාධිපති ජනක රණවක පැවසුවේ කුරුණැගලදී පැවැත්වෙන පක්ෂ සම්මේලනයට තම ආසනයෙන් විශාල පිරිසක් සහභාගි වන බවයි.