තොග සහ සිල්ලර වෙළදාමට රජය විසින් පනවා ඇති වැට් බද්දට එරෙහි වෙමින් අද දින (4) පානදුර කඩ සාප්පු වසා කඩහිමියන් පිරිසක් විසින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වුණා.
එම වැට් බද්දෙන් පාරිභෝගිකයාත් , වෙළෙන්ඳාත් දෙදෙනාම අපහසුතාවයට පත්වී තිබෙන බවයි විරෝධතාකරුවන් එහිදී පවසා සිටියේ.
මීට පෙර ගාල්ල, මාතර, අනුරාධපුරය, කඩවත, බණ්ඩාරවෙල යන නගරවල ද වෙළදසැල් වසා දමා ව්‍යාපාරිකයින් වැට් බද්දට එරෙහිව විරෝධතා පැවැත්වුවා.