උණ්ඩ කිිහිපයක කොටස් බෝක්කුවක් යට තිබී සොයා ගැනීමට කැකිරාව පොලීසිය සමත් වී තිබෙනවා.
ඒ, මරදන්කඩවල – හබරණ ප්රධාන මාර්ගයේ මාමෙනියාව වැව අසල තිබියදීයි.
දිරාගිය කාලතුවක්කු උණ්ඩයක කොටස්, මිලිමීටර 81 ක වර්ගයේ මෝටාර් පියුස් 2 ක් සහ දුම්බෝම්බ 2 ක් ද මෙහිදී සොයා ගැණුනා.
පසුව ඒවා නිෂ්කි්රය කළ බවයි පොලීසිය පැවසුවේ.
කිසියම් පුද්ගලයෙකු විසින් මෙම උණ්ඩ ගෙනවිත් දමන්නට ඇතැයි සැක කෙරෙනවා. කෙසේ වෙතත් එහි අරමුණ කුමක් දැයි මෙතෙක් අනාවරණ වී නැහැ.