දඹුල්ල මහ නගර සභාවේ හිටපු නගරාධිපති ජාලිය ඕපාත තමන්ට බැන තර්ජනය කළ බව පවසමින් දඹුල්ල නාගරික කොමසාරිස් ආත්මා ඩි ජයරත්න පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
අදාළ බැණ වැදීම සිදුකර ඇත්තේ දඹුල්ල උයන්වත්ත රජමහා විහාරස්ථානයේදී බවයි පැමිණිල්ලේ සඳහන් වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.