Friday, November 8, 2024

General line - 0115112241

අත්වැරදීම් සිදු වූ බව බැන් කී මූන් පිළිගනියි




ශී‍්‍ර ලංකාව අද වන විට පැහැදිලි වෙනසකට අවතීරණ වී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන් කී මූන් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ජනවාරි 8 වැනිදා මෛති‍්‍රපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු රට තුළ බලාපොරොත්තු සහගත වැඩසටහනක් කි‍්‍රයාත්මක වන බවයි.

සංවර්ධනයේ ඉලක්ක උදෙසා තිරසාර සාමය යන මැයෙන් කොළඹ අද (02) පෙරවරුවේ පැවති උත්සවයකට එක්වෙමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා මේ බව කියා සිටියා.

“19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත සම්මත කර ගැනීම වැදගත් පියවරක් ලෙස සැලකිය හැකියි. 1950 දශකයෙන් පසු ප‍්‍රථම වරට සිංහල සහ දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීම සුවිශේෂී කරුණක් වනවා”. එවැනි පියවරයන් තුළින් ජන කොට්ඨාසයන් අතර විශ්වාසය තහවුරු වන බවයි ජගත් සංවිධාන මහලේක්ම්වරයා මෙහිදි වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර ශී‍්‍ර ලංකාවේ යුද්ධය පැවති අවසන් කාලසිමාවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය අතින්ද වැරද සිදුවූ බව ඔහු මෙහිදී ප‍්‍රකාශ කළා.

එම කාලසීමාවේදී ජගත් සංවිධානය ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළේ නම් මිනිස් ජීවිත රැසක් ආරක්ෂා කර ගැනීමට හැකියාව තිබුණු බවයි මහලේකම්වරයා ප‍්‍රකාශ කළේ.

මේ අතර අද (02) පෙරවරුවේ ජගත් සංවිධාන මහලේකම්වරයා සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් අතර හමුවක්ද සිදුවුණා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදියි.

Image00001Sampanthan Meets UN Secretary Image00002Sampanthan Meets UN Secretary

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් සහ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සහභාගිවන ඒකාබද්ධ මාධ්‍ය හමුවක් තව නොබෝ වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.