යාපනය උඩුපිට්ටි ප්රදේශයේ පාලු ළිඳක තිබී අවි ආයුධ තොගයක් සොයාගෙන තිබෙනවා.
අත්බෝම්බ 69ක්, පැරා බෝම්බ 25ක් සහ මෝටාර් උණ්ඩ 11ක් ඒ අතර වන බවයි පොලිසිය පැවසුවේ.
එල්.ටී.ටී.ඊය විසින් යුද සමයේදී මෙම අවි ආයුධ සඟවා තබන්නට ඇතැයි සැකකෙරෙන අතර සියලු බෝම්බ පොලිස් විශේෂකාර්ය බළකායේ බෝම්බ නිෂ්ක්රීය අංශය විසින් නිෂ්ක්රීය කර තිබෙනවා.