ලොව අංක එකේ ටෙනිස් කිරුළ රැක ගැනීමට බි්රතාන්යයේ ඇන්ඩි මරේ සමත්වී තිබෙනවා. ඒ, පිරිමි ටෙනිස් ලෝක සංචාරයේ ඒ. ටී. පී. කිරුළ තමන් සතු කරගනිමින්.
එහි දී පරාජයට පත්වූයේ පස් වතාවක් ලෝක ශූරයා වූ සර්බියාවේ නොවැක් ජොකොවික්. ඇන්ඩි මරේ මෙලෙස වාර්තා කළේ සිය අඛණ්ඩ 24 වන ටෙනිස් ජයග්රහණයයි.
මෙම පරාජයත් සමග ඒ. ටී. පී. ලෝක ටෙනිස් කිරුළ හය වතාවක් ජයගෙන ස්විස්ටර්ලන්තයේ රොජර් ෆෙඩරල් තබා තිබූ වාර්තාව සම කිරීමේ අවස්ථාව නොවැක් ජොකොවික්ට අහිමි වී ගියා.