මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ධූර කාලය අදින් (30) අවසන් වීමට නියමිතව ඇතත් එම ධූරය සඳහා කිසිවෙකුත් පත් කළ බව මෙතෙක් නිවේදනය කර නැහැ.
ජනාධිපතිවරයා ද ඊයේ ප්‍රකාශ කළේ කඩිනමින් නව මහ බැංකු අධිපතිවරයෙකු පත් කරන බවයි.
මේ අතර නව මහ බැංකු අධිපතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් මතුවූ කථාබහ පිළිබඳ අද පැවති ප්රවෘත්ති සාකච්ඡා කිහිපයකදී ද අදහස් පළ වුණා.
ජාතික නිදහස් පෙරමුණ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වූ එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කළේ ජනාධිපතිවරයා නව මහ බැංකු අධිපතිවරයෙක් පත් කිරීමේ ලිපිය රැගෙන ගිය ද අගමැතිවරයා එම ස්ථානයට පැමිණි පසුව අදහස වෙනස් කරගත් බවයි.