Tuesday, January 14, 2025

General line - 0115112241

ඩැරල් හෙයා සොරකමකට අසුවෙයි




සුපිරි දපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පන්දුව දමාගසන බවට චෝදනා එල්ල කළ ඔස්ට්‍රේලියානු විනිසුරු ඩැරල් හෙයා සොරකමක් සම්බන්ධයෙන් වරදකරු වී තිබෙනවා.

ඔහු මෙලෙස මුදල් සොරාගෙන තිබුණේ ඔහු සේවය කළ මත්පැන් අලෙවි හලෙන්.

එහිදී අමෙරිකානු ඩොලර් හත්දහසකට වැඩි මුදලක් ඔහු සොරාගෙන තිබුණා. විනිසුරු දිවියෙන් සමුගැනීමෙන් පසු ඩැරල් හෙයා සේවය කර තිබුණේ මත්පැන් අලෙවිහලකයි.

ඔහු සොරාගෙන තිබුණේ එහි තිබූ මුදල් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එය සීසීටීවී කැමරාවක සටහන්ව තිබූ අතර පසුව සිද්ධිය සම්බන්ධයෙන් ඩැරල් හෙයා අධිකරණයේදී වරද පිළිගත්තා.

පසුව ඔහු තමන් සොරාගත් මුදල් යළි භාරදී තිබෙනවා. ඒ හේතුවෙන් ඔහුට මාස 18ක අත්හිටුවූ සිර දඬුවමක් ද නියම කෙරුණා.

1995 වසරේදී ඔස්ට්‍රේලියාවේ පැවැති ටෙස්ට් තරගයකදී පන්දුවාර 3ක් තුළ අවස්ථා 7කදී මුරලිදරන් පන්දුව දමා ගසන බවට ඩැරල් හෙයා විසින් සංඥා කරනු ලැබීමේ සිද්ධිය පදනම් කරගනිමින් දැඩි ආන්දෝලනයක් ඇතිවුණා.