Thursday, January 16, 2025

General line - 0115112241

රශිඩ් ඛාන් ගෙන් ලෝක වාර්තාවක්

තරංග රුක්ෂාන් ජයසේකර




මෑතකදී ලෝකයේ දැඩි කතාබහකට ලක්වු ක්‍රිකට් ක්‍රීඩකයින් අතර පෙරමුණේ පසුවන ඇෆ්ගනිස්තානයේ රශිඩ් ඛාන් නව ලෝක වාර්තාවක් බිහි කර තිබෙනවා. ඒ, එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අඩුම තරග සංඛ්‍යාවකදී කඩුළු 100යේ සීමාව පසුකර ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක්වෙමින්. ඔහු මෙම කඩයිම පසුකර ගියේ තරග 44කදි වීම විශේෂත්වයක්.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කියු ඔස්ට්‍රේලියාවේ ම්චෙල් ස්ටාර්ක් කඩුළු 100 දවා ගත්තේ තරග 52 කින්. රශීඩ් ඛාන් නව වාර්තාව බිහි කරමින් කඩුළු 100 සීමාව පසුකර ගියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති තීරණාත්මක තරගයකදීයි. ඒ, 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනිමේ තරගාවලියේ අවසන් මහා තරගයේදියි.

එම තරගය ජය ගනිමින් ශුරතාව දිනා ගැනිමටද ඇෆ්ගනිස්තානය ඊයේ සමත්වුණා. අවසන් තරගයට පැම්ණිමත් සමගම ඔවුන් මෙන්ම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමද ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගත්තා.

තවමත් 19 හැවිරිදි වියේ පසුවන රශීඩ් ඛාන් එක්දින පන්දු යවන්නන් අතර ලොව දෙවන ස්ථානයේ පසුවන අතර පන්දු වාර 20 පන්දු යවන්නන් අතර පසුවන්නේ ලොව පළමු ස්ථානයේයි.