මන්නාරම අධිකරණය ඉදිරිපිට අද උදෑසන සිදු වූ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
සිද්ධියෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
තුවාලකරුවන් ඇතුළත් කර ඇත්තේ මන්නාරම රෝහලටයි.
එලෙස වෙඩි ප්රහාරයට ලක්ව ඇත්තේ මන්නාරම අධිකරණයේ විභාග වන නඩු කටයුත්තකට පෙනී සිටීමට පැමිණි පිරිසක්.
යතුරු පැදිවලින් පැමිණි කණ්ඩායමක් ඔවුන්ට වෙඩි තබා පලා ගොස් තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර මන්නාරම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.