Thursday, January 16, 2025

General line - 0115112241

හර්බජාන් ගෙන් ICC යට දුස්රාවක්

දිනුක් හේවාවිතාරණ




අන්තර්ජාතික ක්‍රිකටි කවුන්සිලයේ පක්ෂග්‍රාහී හැසිරීම සම්බන්ධයෙන් තමන් විමතියට පත්වන බව ඉන්දියානු සුපිරි පිට දඟ පන්දු යවන ක්‍රීඩක හර්බජාන් සිං පවසනවා. ඒ පන්දුව පළුදු කිරීමේ සිද්ධියට අදාලව වරද පිළිගත් ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් හට එක් තරග තහනමක් පැනවීමක් හා තරග ගාස්තුවෙන් 100% ක් පමණක් දඩයක් ලෙස පැනවීම කිසි සෙත් ප්‍රමාණවත් නොවන බවයි ඔහුගේ අදහස වන්නේ.

" පන්දුව පළුදු කල කැමරන් බැන්ක්‍රෝෆ්ට පනවලා තියෙන්නේ තරග ගාස්තුවෙන් 75% ක දඩයක් විතරයි, ඔහුට තරග තහනමක් නැහැ. ICC ය මේ විදිහට එක් එක් අයට පමණක් සලකන විදිහ පුදුමසහගතයි" හර්බජාන් සිං පවසනවා.

2001 වසරේදි දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් තරගයේදි සීමාව ඉක්මවා ඉල්ලිම් කලා යැයි තමන් ඇතුළු ක්‍රිඩකයින් පස් දෙනෙක්ට තරග තහනම් කිරිම හා 2008 වසරේදි ඔස්ට්‍රේලියාවේ ඇතිවු සිද්ධියකට සාක්ෂි නැතිවම තරග 03ක  තහනමක් පැනවිම සම්බන්ධයෙන් හර්බජාන් සිං ටුව්ටර් පණිවිඩයක් තබමින් ICC යෙන් ප්‍රශ්න කර තිබුනා.

කෙසේ නමුත් ICC ය විසින් එක් එක් රටවලට සලකන ලබන ආකාරය පිළිබදව පසුගිය කාලය පුරාවට විවිධ මත පළ වුණා. 

විශේෂයෙන්ම ශ්‍රි ලංකාවේ පැවති නිදහස් කුසලාන තරගාවලියේදි බංග්ලාදේශ ක්‍රිඩකයින්ගේ හැසිරිම සම්බන්ධයෙන් හා දකුණු අප්‍රිකානු වේග පන්දු ක්‍රිඩක කගීසෝ රබාඩාට පැනවු දඩුවම සම්බන්ධයෙන් ICC යට ලොවපුරා ක්‍රිකට් විස්තර ව්චාරකයින් හා ක්‍රිඩකයින් ගෙන් චෝදනා එල්ල වුණා.