Friday, January 17, 2025

General line - 0115112241

ආන්දෝලනාත්මක ක්‍රිකට් තරග පාවාදීමේ වීඩියෝව ගැන දිල්හාර සහ ජීවන්ත කතා කරයි

කසුන් කැළුම්




ශි‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු කී‍්‍රඩකයින් දෙපළක් වන දිල්හාර ලොකුහෙට්ටිගේ සහ ජීවන්ත කුලතුංග තරග පාවාදීමේ සිද්ධියකට අදාළ වීඩියෝවක් අල් ජසීරා නාලිකාව විසින් මුදා හැර තිබුණා.

නෙත් ස්පෝට්ස්මන් තුළින් ඒ පිළිබඳ මෙම ක‍්‍රීඩකයින් දෙදෙනාගෙන් අදහස් විමසා සිටියා.

අල් ජසීරා නාලිකාව මුදා හල මෙම ආන්දෝලනාත්මක වීඩියෝවේ රොබින් මොරිස් නම් බුකී කරුවා සමග තරග පාවාදීමක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර සිදු කෙරෙන සංවාදයක් දැක්වෙනවා.

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවැත්වෙන තරගාවලියක් අතරතුරයි එම සංවාදය සිදුව ඇත්තේ. අල් ජසීරා නාලිකාව මුදාහළ මෙම වීඩියෝව පිළිබඳ ජීවන්ත කුලතුංග නෙත් ස්පෝට්ස්මන් වෙත දැක්වූයේ මෙවන් අදහසක්.

"ඔය කියන කිසිම දෙයක් එතන වුණේ නෑ. ඔය නාලිකාවේ ජනප්‍රියත්වය ගන්න කරපු වැඩක් මේක. අපිට එන්න කියලා එකක් කියලා.. දැන් පෙන්වන්නේ තව එකක්. තරග පාවාදීම් ගැන කිසිම දෙයක් අපිට කතා කලේ නෑ. ඔය වීඩියෝවේ අගක් මුලක් නෑ. මේගොල්ලන්ගේ අවශ්‍යතාව මොකක්ද කියලා හොයන්න ඕනේ." 

(අදාළ හඬපටය පහතින් දැක්වෙයි)

<

මෙම වීඩියෝවේ බුකී කරුවන් සමග සංවාදයට එක්වන දිල්හාර ලොකුහෙට්ටිගේද ඔස්ටේ‍්‍රලියාවේ සිට ඒ සම්බන්ධයෙන් නෙත් ස්පෝට්ස්මන් වෙත අදහස් දැක්වූවා.

එහිදී "ජීවන්තට කෝල් එකක් ආවා.. යාළුවෙක් හම්බවෙන්න යනවා කිව්වා.. එයා එක්ක මමත් ගියා. මොකද මට ජීවන්තලාගේ ගෙදර තනියෙන් ඉන්න බැරි නිසා... 2016 දී මම ක්‍රිකට්වලින් ඉවත් වුණා. අනික මම කොහොමද ආයෙත් ක්‍රිකට් ගහන්නේ. මගේ කකුල කැඩුනට පස්සේ." යනුවෙන් සඳහන් කළා.

(මෙහි සම්පූර්ණ හඬපටය පහතින් අහන්න)

මෙම වීඩියෝව සහ තමන්ට එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය හමුවේ කරුණු දැක්වීමට තමන් සූදානම් බවයි ජිවන්ත කුලතුංග ප‍්‍රකාශ කළේ.

තමන්ට සිදුවූ අපකිර්තිය පිළිබඳ ඉදිරියේදි අල් ජසීරා පුවත් සේවයට එරෙහිව නීතිමය කි‍්‍රයාමර්ග ගන්නා බවයි දිල්හාර ලොකුහෙට්ටිගේ නෙත් ස්පෝට්ස්මන් වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් කියා සිටියේ.

(මේ සම්බන්ධයෙන් මීට පෙර පළ වූ පුවත් මෙතැනින්)