ජන සටන පාද යාත‍්‍රාවේ අවසන් දිනය වන අද (01) දිනයේදී මහජන සාමයට බාධාවක් නොවන ආකාරයෙන් සහ දේපළවලට අලාභ හානි කිරීමෙන් තොරව සාමකාමීව කටයුතු කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත්වරිය ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රධානීන් 8 දෙනෙකුට නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ, පෑලියගොඩ පොලිසිය කළ ඉල්ලීමකට අනුවයි. මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, ලොහාන් රත්වත්තේ, උදය ගම්මන්පිල, ප‍්‍රසන්න රණතුංග, කනක හේරත්, ප‍්‍රසන්න රණවීර සහ අමිල කුමාරසිංහ යන පිරිසට මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.